අද මගේ ධර්ම දානයට
මාතෘකාව අනුරුද්ධ සූත්‍රය යි.මෙයට හේතුව නම් අප ගත කරනා ජීවිතය තුල බුදු දහම
වැඩියෙන් පිහිටා සිටිනුයේ කාසමගද,ලෝකය මිනිසා තාක්ෂනය හා මිල මුදල් බලය ආදිය සමග
තරග වදින කොට මිනිස් සිත තුල පහන් සිතිවිලි සියල්ල පහත් සිතිවිලි බවට පත්වෙනවා,
ඇයි එම වෙන්නේ කියල බැලුවොත් අප ගොඩක් දෑ එකතුකරන් සීමිත පරමනයක් බුක්ති විදිනවා,
අසාවන් පොඩි බදින්න බදින්න අප ජීවිතය තව තව බර එකතු කර ගන්නවා, මේ ගැන ලිපියක් රත්මලාන,
අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති සූරියගොඩ
සිරිධම්ම නා හිමි විසින් ලියල තියනවා මම 1 උපුටා ගත්තා,
බුදුරජාණන් වහන්සේ ‘සුංසුමාරගිරි’ කියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම්
වනයෙහි වැඩවෙසෙන කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ
ප්‍රාචීනවංශ අභය භූ®මියෙහි
වැඩ සිටියා.
අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව වැඩවසන්න
මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා පුදුම
විදිහේ අදහස් කීපයක් පහළ වුණා.
‘අප්පිච්ඡායං ධම්මෝ
නායං ධම්මෝ මහිච්ඡස්ස’
මේ ධර්මය අල්පේච්ඡ
අයට යි. මහා බලාපොරොත්තු ගොන්නක් ඇති අයට නොවෙයි. බොහෝ ආශා ඇති අයට
නොවෙයි යනු අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවුණා අදහසක්.බුදුදහම ප්‍රායෝගික
යි. අල්පේච්ඡ ජීවිත ගතකරන ඕනෑ ම කෙනෙකුට මේ දහම පිළිගන්න පුළුවන්.
නූතන සමාජය මෙවැනි මානසික ධර්මතාවයන් නොමැති නිසා ප්‍රශ්නවලට මැදිවී
සිටිනවා. බුදුදහමේ නිසිඵල නෙලාගැනීමට හැකිවන්නේ අල්පේච්ඡ බව අගය කරන
අයට යි. ගිහි පැවිදි කාටත් සතර අකාරයකින් අලේපේච්ඡ වීම වැදගත් බව පෙන්වා
දෙනවා. අප කාටත් අවශ්‍ය කරන ප්‍රත්‍යය සතරක් තිබෙනවා.ඇදුම් පැළඳුම් ආහාර
නිවාස සහ බෙහෙත් යන මූලික අවශ්‍යතාවන්. මේ මූලික අවශ්‍යතා පිළිබඳව සරල
බවත්, චාම්
බවත් තිබෙන්නට ඕනේ. අවුරුද්ද කිට්ටුවෙන කොට සමහර අය ඇඳුම් ගන්න
පෝලිමේ බොහෝ දෙනෙක් ප්‍රමාණයට වඩා ඇඳුම් එකතු කරගෙන
ඇඳුම් වලින් අල්පේච්ඡ වෙලා නැහැ.
බුදුරජාණන් වහන්සේ
භික්ෂූන්ට නියම කළේ තුන් සිවුරයි. පාත්තරය යි. එය කොතරම් සරල ද චාම් ද
කියා සිතා බලන්න. ගිහි ජනතාව මංගල උත්සවයෙන් උත්සවයට අලුත් ඇඳුම්
ගන්නවා. මේ ආකාරයට ජීවත්වෙන්න ගියාම ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා. ඒ
නිසා ඇඳුම් පැළඳුම්වලින් අල්පේච්ඡ වීම වාසිදායක යි.
දෙවනුව කෑම් බීම්
වලින් අල්පේච්ඡ වීම වැදගත්. අද විවිධ ආකාරයේ ආහාර. බොහෝ දෙනෙක් කැමැති
ක්ෂණික නිෂ්පාදන කෑම වලට. නමුත් ඒවා රසකාරක වලින් බහුල යි. අපව
ඉක්මනින් රෝගී තත්ත්වයට පත්කරනවා. ආයුෂය, බලය අඩු කරනවා.
කෑම
වලින් අල්පේච්ඡ වෙනවා කියන්නේ නොකා නොබී සිටීම නොවෙයි. දුටු දුටු බොහෝ
දේවල් අනුභව කරනවාට වඩා ශරීර සෞඛ්‍යයට හිතකර දේ පමණක් ගැනීම වැදගත්
වෙනවා.
තෙවනුව සෙනසුන්වලින්
අල්පේච්ඡ වීම, අපේ
සමහර අය මේ අංශයෙන් ද අල්පේච්ඡ වී නැති බව පෙනෙනවා. කුරුල්ලකුට වුණත්
ඉන්න කූඩුවක් අවශ්‍ය කරනවා. ගිහි සැමටත් ඉන්න නිවසක්
අවශ්‍ය යි. එය අල්පේච්ඡ වුණ තරමට සිතට සැනසීමක් ලැබෙනවා.
තෙවන කරුණ සෞඛ්‍ය ය.
සමහර අයට මේ රටේ ඉහළ ම රෝහල්වලට ගොසින් ප්‍රතිකාර ලබන තුරු රෝගය සුව
වන්නේ නැහැ
තවත් කෙනෙකුට
කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම සුවපත් භාවය ලැබෙනවා. ඒ නිසා මේ අංශයෙන් ද
අල්පේච්ඡ වුණ තරමට හොඳයි. මේ කියන ඇඳුම්, ආහාර, සෙනසුන්් සෞඛ්‍යය යන අංශවලින් අල්පේච්ඡ
ජීවිත ගතකරන අයටයි බුදුදහම.
පරියත්ති
අල්පේච්ඡතාවයක් ඇති අයටයි බුදුදහම. සමහර අය නැති ගුණ පෙන්වන්න යනවා.
නො ලබා ඇති මාර්ග ඵල පිළිබඳ පෙන්වන්න උත්සහ කරනවා. සෝවාන්ඵල ලාභී අසවලාගේ
පොත කියවන්න කියල පුවත්පත්වල දැන්වීම් පවා පළ කරනවා. තමන්
ධර්මය
දන්න කෙනෙක් බව අමුතුවෙන් ලෝකයාට ප්‍රසිද්ධ කරන්නේ නැහැ නියම බෞද්ධයා.
මෙන්න මේ කාරණාවලින් අල්පේච්ඡ ඕනෑම කෙනකුට බුදුදහම පිළිපදින්න පුළුවන්
බව සිතට ගන්න.
බුදුදහම කා සඳහා ද?
යන ප්‍රශ්නයට අදාළ දෙ
වන පිළිතුර ඊළඟට පහදා දෙන්න අපේක්ෂා කරනවා. අප ප්‍රශ්න කළොත්
වැඩිහිටියකුගෙන් හරි තරුණ කෙනකුගෙන් හරි බුදුදහම කා සඳහා
ද? කියල
පිළිතුරු ලැබේවි කළකිරුණු අයට යි. නැත්නම් වයසක උදවියටයි එසේත්
නැත්නම් බෞද්ධයන්ට යි කියලා. නමුත් ධර්මානුකූ®ලව කල්පනා කරන විට ඊට
වඩා හාත්පසින්ම විරුද්ධ පිළිතුරක් ඇතුළත් වෙලා තිබෙනවා ධර්මයේ. ඒ
තමා, සන්තුට්ඨායං
ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස’ මේ දහම
සතුටෙන්, සන්තෝෂයෙන්
ඉන්න අයට යි. අසතුටෙන් අසන්තෝෂයෙන් අමනාපයෙන් ඉන්න අයට නො වෙයි. මේ
සන්තෝෂය සතුට ජීවිතයට ඉතා වැදගත්. මනස සැහැල්ලු තරමට කය සැහැල්ලු
තරමට අප නිරෝගිමත් වෙනවා.
බුදුහාමුදුරුවන්ගේ්
දේශනාවට අනුව උත්සාහයෙන් වීර්යයෙන් ධාර්මිකව හරිහම්බ කරන්න තහනමක්
නෑ. බාධාවක් නෑ. වෙර වීරියෙන් හම්බකරල හුඟක් ලැබුණත්, ටිකක් ලැබුණත් ඒ
ලැබෙන ප්‍රමාණයට සතුටට පත්වෙන්න, සෑහීමට පත්වෙන්න හැකියාව තිබෙනවා නම් එය ඉතා
උසස් ගුණාංගයක්. එය ධර්මයේ උගන්වන්නේ යථාලාභ සන්තෝෂය කියලයි. සමහර
අයට කොපමණ ලැබුණත් මදි. අතෘප්තිකරයි. බොහෝ ය සතුටින් නො වෙයි
ඉන්නේ. ඒ නිසා පින්වතුනි බුදුදහම එබඳු අයට නොවෙයි. අපි
කවුරුත් කැමති නැහැ කාගෙවත් වැඩකාරයො වෙන්න. එනමුත් අපි දන්නෙම
නැතුව එක අයකුගෙ වැඩකාරයො වෙලයි ඉන්නේ. ඒ තමයි තෘෂ්ණාවේ වැඩකාරයෝ
අපි. අපේ ආශාවන්ට ඕන විධියටයි අපි කවුරුත් හැසිරෙන්නේ. මේ
තත්ත්වය වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනෙ. නැතිනම් අපේ සතුට පලා යනවා. අසහනය
ළඟා වෙනවා. එතකොට ප්‍රශ්න වැඩිවෙනවා.
මොකක්ද? මේ අසහනය. අද සමාජයේ
නිතර නිතර ඇසෙන වචනයක් මෙය. අපෙ බලාපොරොත්තු වැඩියි. ප්‍රාර්ථනා එමට යි.
නමුත් හිතන තරමට ලැබෙන්නේ් නැහැ. ලැබෙන ප්‍රමාණය යි බලාපොරොත්තුª
ප්‍රමණය යි අතර විශාල
පරතරයක් තියෙනවා. මේ හිඩැස තමයි අසහනය. අන්න ඒ නිසා වුවමනාවට වඩා
බලාපොරොත්තු ඇතිකර ගත්තහම ඒවා ඉෂ්ට කරගන්න බැරිවන විට සිතට කිසිම සතුටක්
නැහැ. සහනයක්
නෑ. එනිසා තම තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ආශාවන් පාලනය කරගෙන කටයුතු
කළ යුතු කාලයක තමයි අප ජීවත් වන්නේ. අපේ හිතේ් තිබෙන ප්‍රශ්න අඩුකරගෙන
සිත සැහැල්ලු කරගෙන ජීවත්වීම තමයි වටින්නේ. එතකොට ඒ ජීවිතය තමන්ටත්
බරක් නෑ. අනුන්ටත් බරක් නෑ. සමාජයටත් බරක් නෑ. සැහැල්ලු ජීවිතය තමන්ට
ම සතුට ගෙන දෙනවා. සතුට පවතින්නේ් භෞතික භාණ්ඩ මත නොවෙයි. සමහර අය
සිතන්නේ ගෙවල් දොරවල්. මිල මුදල් යාන වාහන තිබුණම සියල්ල සම්පූර්ණයි කියලා.
සතුට අධ්‍යාත්මය හා
සම්බන්ධ යි. සමහර අයට යාන වාහන රැකී රක්ෂා තිබෙනවා. නමුත් ජීවත්වන්නේ
සතුටෙන් නොවෙයි. සමහරු බොහොම දැන උගත් නමුත් සතුට නැහැ. සමහර අය බොහොම
ලස්සන යි.නමුත් සතුට නැහැ. ඒත්
පාරේ ඉන්න අහිංසක මනුෂ්‍යයෙක් ළඟ අර බොහෝ දේවල් තිබෙන අය ළඟ නැති
සතුට තිබෙනවා. ජීවිතයේ සැඳෑ සමයේ ආපසු හැරී බලනවිට සතුටු වියහැකි
ජීවිතයක් ගතකර තිබෙනවා නම් එය වටිනවා. මගෙන් සමාජයට ආගම දහමට දරුවන්ට
නෑදෑයන්ට රටට සේවයක් සිදුවී ඇතැයි අවංකව ම සතුටුවිය හැකි නම් ඒ ජීවිතය වටිනවා.
එබඳු සතුටක් භුක්ති විඳින අයට බුදුදහම අර්ථවත් ලෙසට පිළිපදින්න
පුළුවනි. පින්වතුනි තුන් වෙනුව
‘පවිවිත්තස්සායං ධම්මෝ
නායං ධම්මෝ සංසරිකාරාමස්ස’ බුදුදහම
විවේක ඇති අයට යි. රංචු ගැසී කාලය කා දමන අයට නො වෙයි.
කාලය රන් හා සමාන යයි
අතීතයේ කීවා. අද කියන්න වෙලා තිබෙන්නේ කාලය මිල කළ නො හැකියි. කාලය
සීමා සහිතයි. ඒ සීමා සහිත කාලයෙන් අසීමිත කාර්ය භාරයක් සිදුකර ගැනීමට
අවශ්‍ය බව හැමදෙනාම සිතට ගැනීම වැදගත්. කාර්ය බහුලව සමූහ වශයෙන්
ඉන්න අයට බුදුදහම පිළිපදින්න අපහසු යි. පිළිපදින්නට හැකිවන්නේ විවේකය පි‍්‍රය
කරන අයට යි.විවේකය කියන්නේ වැඩ
පල නොකර පැත්තකට වෙලා ඉන්න එක නො වෙයි.
ධර්මානුකූ®ලව
විවේකය කායික විවේකය, චිත්ත
විවේකය, උපධි
විවේකය කියා කොටස් තුනකට බෙදා තිබෙනවා. කාය විවේකය කියන්නේ ශරීරයට විවේක
දීම.
දෙ වන කරුණ චිත්ත
විවේකය යි. එයින් අදහස් කරන්නේ සිතට විවේක දීම. වත්මන් සමාජය හරිම
සංකීර්ණයි. හැම තැන ම විවිධ ප්‍රශ්න ගැටලු. මේ අභියෝගවලට මුහුණ දීල
ජයගන්න නම් මානසික විවේකය අවශ්‍ය යි. මානසික විවේකය ලබාගෙන
මොහොතක් බුදුගුණ, දහම්
ගුණ, පරිත්‍යාගය,
මරණය ගැන මෙනෙහි කරන්න.
එසේ කිරීමෙන් නිතිපතා අපිරිසුදු වන ඔබේ සිත මොහොතකට හෝ පහන් වේවි.
පිවිතුරු මනස සැප එළවනවා.
තුන් වන කාරණය තමා
උපධි විවේකය. ජීවිතයක් සාර්ථක කරගන්න කෙලෙසුන්ගෙන් විවේක ගැනීම අවශ්‍ය
යි. නමුත් සමහර අය කෙලෙස් වැඩිකර ගන්නවා. මුළු දවසෙම හම්බ කරනවා.
හැන්දෑවට බීල ඇවිත් වටේම ඉන්න අයටයි අම්මටයි තාත්තටයි බැනල නිදා ගන්නවා.
එහෙම නැතුව කෙලෙස් අඩුකර ගන්න අයත් ඉන්නවා.
හතරවන කාරණය තමා මේ
බුදුදහම වීර්යවන්ත අයට යි කියන එක. එසේ නැතුව කුසීතව කම්මැලිව ඉන්න
අයට නොවෙයි. සෑම මිනිසකු තුළ ම අනිවාර්යයෙන් ම තිබිය යුතු ගුණංගයක්
තමයි වීර්ය ය. ඒ තත්ත්වය තමා ළඟ නැත්නම් තම චරිතයට ජීවිතයට සමීප කරගත
යුතුම ය. අකුසල් දුරුකර ගැනීමටත් කුසල් දියුණු කර ගැනීමටත් වීර්යය අවශ්‍ය
ම ය. වීර්යය යන ගුණ ධර්මය ප්‍රගුණ කළ නිසා පුරුදු පුහුණු කළ
නිසා සියල්ල දත් බුදුහාමුරුවන් වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් නමක්
ගැන අපට ඉගෙන ගන්න ලැබුණා. ඒ චරිතයෙන් අප අපගේ ජීවිතයට උපරිම ලෙස
චරිතාදර්ශ එකතු කරගන්න උත්සාහ කරමු. ජීවිතයට අභියෝග ආ විට අඬ අඬා ඉන්නේ
නැතිව පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ නැතුව අභියෝගය ජයගන්න
උත්සාහ කිරීමයි අවශ්‍ය වන්නේ. එබඳු උත්සාහය වීර්යය ඇති අයට තමයි මේ බුදුදහම.
පින්වතුනි, උපට්ඨිත සතිස්සායං
ධම්මෝ නායං ධම්මෝ මට්ඨස්සතිස්ස’ බුදුදහම එළඹ
සිටි සතියෙන් යුක්ත අයට යි. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරන අයට නොවෙයි.
මතක ශක්තිය දුර්වල වුණාම බොහෝ අවැඩ සිද්ධ වෙනවා. අතපය කඩන්නේ නැතුව
දුක් මහන්සි වෙලා හදා වඩා ඇතිදැඩි කළ දෙමව්පියන් සමහර
දරුවන්ට අමතක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සතිය හැම තැන ම අවශ්‍ය
දෙයක් බව.
හිතන කියන දේවලට පමණක්් නොවෙයි ඉන්ද්‍රිය මගින් සිදුකරන සෑම ක්‍රියාදාමයකට
ම සිහිය නැත්නම් සතිය අවශ්‍ය යි. ඒ එක්කම භාවනාවකින් සිත එකඟ කරගන්නත් සතිය
හොඳට පුරුදු පුහුණු කරල තිබීම අවශ්‍ය කරනවා.
විවේකීව වැඩ සිටින
අනුරුද්ධ හාමුදුරුවන්ට මෙහෙම අදහසක් පහළ වෙනවා. ‘සමාහිතස්සායං ධම්මො නායං ධම්මො
අසමාහිතස්ස’ මේ
දහම තැන්පත් සිතක් ඇති අයට යි. සිත විසිරිලා විකෂිප්ත වෙලා
ඉන්න උදවියට නොවෙයි. කාරණා පහක් සිතේ් බලවත්වන විට සිත හරිම වික්ෂිප්ත
යි. කලබලයි. ඒ තමා පංචනීවරණ ධර්ම. ඉඳුරන් පිනවීමට යාමෙන් සිත
වික්ෂිප්ත වෙනවා. ඒවා හැකිතාක් පාලනය කර ගත්තොත් ආර්ථික
වශයෙන් ද සෞඛ්‍යමය වශයෙන් ද වැදගත් වෙනවා. දෙ වන කරුණ තමා තරහව. මේ
තරහව අපේ සිත වසා ගත්තම ඇතිවන තත්ත්වය විස්තර කළ හැකියි. සිතේ තරහව
ඇති වුණාම හොඳ නරක තේරුම් ගත නො හැකියි. කරන කියන දේ ගැන ඉන්න තැන ගැන
අවබෝධයක් නැහැ.
තුන්වන බලවේගය තමයි
ථීනමිද්ධ ය. සිතේ සහ කයේ ඇතිවන මැලි ගතිය තමයි ථීනමිද්ධ කියන්නේ,
සිතේ් නිදිමත ගතිය
අලසකම ඇති නොවීමට වැඩ සැලසුම් කර ගැනීම දියුණුවේ
ලක්ෂණයක් බව සිතට ගන්න. සිත නො සන්සුන් කරන අනෙක් කාරණය තමයි උද්දච්ච
කුක්කුච්ඡ ය. එයින් කියන්නේ සිතේ නොසන්සුන්කම යි. සමහර අය
හරි
කලබල යි. කලබලයට වැඩ කරන්න ගිහින් විවිධ විපත්වලට මුහුණ පානවා. සිත කැලඹුණ
විට නො සන්සුන් වූ විට මතකය අවදිවන්නේ නැහැ. එනිසා කලබල වන්නේ නැතුව
වැඩ කරන්න කල්පනාකාරී වන්න.
අනෙක් කරුණ තමයි
විචිකිච්ඡාව. සෑම දෙයක් ගැනම සැක කරනව. ප්‍රධාන වශයෙන් තුණුරුවන් ගැන සැක
කරනවා ඉපදීම ගැන. දෙමව්පියන් ගැන සැක කරනවා. සැකය දියුණුවට බාධාවක්.
ඉක්මණින් ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් සංවර වූ සිතක් ඇති අයට මිස අසංවර වූ
සිතක් ඇති අයට නො වෙයි.
අවසාන වශයෙන්
පින්වතුනි, මේ
බුදුදහම බුද්ධිමත් අය සඳහා ඳස මෝඩ අයට නො වන බව බුදුපියාණෝ
මෙහෙම දේශනා කරල තියෙනවා. මේ දහම ප්‍රඥාවන්ත අයට මිස මෝඩ අයට නො වේ.
බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවට මුල් තැනක් දෙන දර්ශනයක්. එය
භක්ති මාර්ගයක් නොවෙයි. බුද්ධි මාර්ගයක්. ප්‍රඥාව මිනිසකු සතු උසස් ම
වස්තුවක්. යම් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක වන්නනම් ඒ පුද්ගලයා ගුණයෙන්
පිරුණු කෙනෙක් වෙන්නත් ඕන. ප්‍රඥාවෙන් යුක්ත වෙන්නත් ඕනේ.
බුදුරජාණන් වහන්සේ වදාළා. ඔහු සිල්වතෙක්, ගුණවතෙක් කියලා. ඒ
නිසා සීලය යි. ප්‍රඥාව යි ලෝකයෙ අග්‍රයි කියලා දක්වලා තිබෙනවා. එහෙම නම්
අප ඕනෑ ම කෙනකු ළඟ තිබිය යුතු වැදගත් ම ගුණාංග දෙකක් තමයි සීලය යි. ප්‍රඥාව
යි.
නැත්නම් ගුණය යි.
නුවණ යි. ගුණවත් නො වී නැණවත් නොවී මොන තරම් දේ කළත් අර්ථයක් නැහැ.බුදුහාමුදුරුවෝ මේ
ධර්මය දේශනා කරල තිබෙන්නේ අධික තෘෂ්ණාවෙන්, වැරැදි අදහස්වලින්, අධික මානයෙන් ඉන්න
අයට නොවෙයි. ඒවා අවම කරගන්න උත්සාහ දරන නිවන් සොයන, නිවනට ඇළුණු අයට යි.
අපගේ ජීවිතය කෙටියි. ඒ කෙටි කාලය තුළ ගුණදම් පුරන්නට
යුතුකම් ඉටුකර ලන්නට, හැකිතාක්
නුවණ වැඩෙන ක්‍රියා කරන්නට කටයුතු කිරීම වැදගත්. අපේ
සිත්වලට ගලා එන පවිටු චේතනා පවිටු අදහස් බැහැර කරමු.
සෝදා හරිමු. සිත් සතන් පිරිසුදු කර ගනිමු.
No comments:
Post a Comment